ගෙවීම් කටයුතු සඳහා උපදෙස්
ඉල්ලුම් කළ ඔබගේ පිඹුරු පිටපත් ලබාදීම සඳහා අනුමත වූ පසු, ඒ සඳහා ගෙවියයුතු මුදල ඇතුලත් SMS පණිවිඩයක් ඔබගේ ජංගම දුරකතනය වෙත එවනු ලැබේ.
පිඹුරු පිටපත් සඳහා මුදල් ගෙවීමේදී පහත නියමයන් අනුගමනය කරන්න.
![Payment for online](img/pay.png)
සර්වේයර් ජනරාල් කාර්යාලය(ලේඛන කළමනාකරණ අංශය)
නාරාහේන්පිට මහජන බැංකුවේ සර්වේයර් ජනරාල්ගේ ගිණුම් අංක : 119-1001-0-9027253 හි තැන්පත් කර අදාළ බැංකු ගෙවීම් රිසිට්පතෙහි, SMS මගින් ලැබුණූ යොමු අංකය (Reference No) සඳහන් කරන ලද පැහැදිලි ඡායාරූපයක් හෝ පිටපතක් planbranch@gmail.com යන ඊ මේල් ලිපිනයට හෝ 011-2502872 අංකය වෙත ෆැක්ස් (Fax) කරන්න.
තොරතුරු සඳහා අමතන්න Senior Deputy Surveyor General (SGO - DM & PS) 011-2502872
දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලය- කොළඹ
නාරාහේන්පිට මහජන බැංකුවේ ජ්‍යේෂ්ඨ මිනින්දෝරු අධිකාරි, කොළඹ ගේ ගිණුම් අංක : 119-1001-5-9027260 හි තැන්පත් කර අදාළ බැංකු ගෙවීම් රිසිට්පතෙහි, SMS මගින් ලැබුණූ යොමු අංකය (Reference No) සඳහන් කරන ලද පැහැදිලි ඡායාරූපයක් හෝ පිටපතක් snrsscolombo@gmail.com යන ඊ මේල් ලිපිනයට හෝ 011-2587826 අංකය වෙත ෆැක්ස් (Fax) කරන්න.
තොරතුරු සඳහා අමතන්න Senior superintendent of Surveys (Colombo) 011-2587826